පාර්ලිමේන්තු තුළින් අනුප්‍රාප්තික ජනාධිපති ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් නාම යෝජනා භාරදීම සඳහා පාරලිමේන්තුව පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වීමට නියමිතයි.
අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා පුද්ගලයින් සිව් දෙනෙක් නාමයෝජනා භාර දෙන බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා,සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙලෙස නාමයෝජනා භාරදෙන බව ප්‍රකාශයට පත් කර ඇත.
අද දිනයේ නාමයෝජනා භාරගැනීමෙන් පසු හෙට රහස් ඡන්දයක් පවත්වා දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ චන්ද විමසීමක් සිදු කරන පළමු අවස්ථාව මෙයයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.