වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තුව මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලමින් ගොනුකළ මූලික ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කර තිබෙනවා.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නඩුව කැඳ වූ අවස්ථාවේ එය විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කරන ලෙස විනිසුරුවරුන් නියෝග කළා.
පෙත්සම්කාර විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීමේ තීරණය හරහා ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇති බව පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා කියා සිටියේ පෙත්සම්කරු සත්‍ය කරුණු වසන් කරමින් මෙය ගොනු කර ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.