පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවති විරෝධතාව අතරතුර මාධ්‍යවේදීන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනම් කරනු ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ මහතා යළි සේවයේ පිහිටුවීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.
එම සිදුවීමට අදාළ විමර්ශන කටයුතු අවසන් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.