ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව ඔහු පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම් දීමට සැලසුම් කර තිබෙනවා.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා ඊයේ (20) පාර්ලිමේන්තුවේ පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 134 ක් ලබා ගනිමින් නව ජනාධිපතිවරයා ලෙස ඔහු තේරී පත් වුණා.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අට වන විධායක වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් කරගත් බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ඊයේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.