වියට්නාම මුහුදේ අතරමංවී සිටිය දී පෙරේදා බේරාගැණුනු ශ්‍රී ලාංකිකයන් 303 දෙනා Ho Chi Minh හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වෙත භාරදී තිබෙනවා.
එම පිරිස යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔවුන්ට තාවකාලික නවාතැන් සැපයීමට කඩිනම් පියවර ගත් බවත් වියට්නාම විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව ඔවුන්ගේ ජාතිකත්වය සහ අනෙකුත් තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියෙන් අනතුරුව කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් මියන්මාර ධජය සහිත LADY R3 ධීවර යාත්‍රාව පසුගියදා වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී අනතුරට පත්වී තිබුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




