ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබෙනවා.
කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බවයි.
ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරයි.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතී.
නැගෙනහිර , ඌව, උතුර සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එමෙන්ම උතුර, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




