බණ්ඩි පොහොර හෙවත් MOP- Muriate of Potash මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව දෙසැම්බර් 02 දින කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ එම පොහොර තොගය කැනඩාවේ සිට මෙරටට ආනයනය කරනු ලබයි.
බණ්ඩි පොහොර වී වපුරා හෝ පැළ සිටුවා සති 04 හා 06 වශයෙන් අවස්ථා දෙකක් තුළ යෙදිය යුතු අතර මෙවර ගොවීන්ට නිසි කලට බණ්ඩි පොහොර ගොයමට යෙදීමට අවස්ථාව සැලසෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.