අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය විසින් සංවිධාන කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාව වැලිකඩ බන්ධනාගාරය දක්වා ගමන් කරමින් පවතින බැවින් මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ සිට බොරැල්ල දක්වා මාර්ගයේ එක් මන්තීරුවක් විරෝධතාකරුවන් විසින් අවහිර කිරීම නිසා බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.