අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයක් සඳහා කොළඹ මල්පාර ප්‍රදේශයේ දී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබෙනවා.
බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.
මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ තවත් සිසුන් පිරිසක් ඇතුළු විශාල විරෝධතාකරුවන් පිරිසක් බොරැල්ල කනත්ත වටරවුමේ සිට කොළඹ ලිප්ටන් වටරවුම දෙසට ගමන් කර තිබෙනවා.
එහිදී නෙළුම් පොකුණ රඟහල අසල දී යළිත් ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වූ බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.