කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ ජල ක්‍රීඩා සහ විනෝදාස්වාද කලාපයක් පිහිටුවීම සඳහා සිංගප්පුරුවේ ක්‍රියේට් ඩිසයින්ග් පෞද්ගලික සමාගම සහ කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම අතර අද (18) ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි වසර 3ක කාලය ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් මේ වෙනුවෙන් ආයෝජනය කිරීමට නියමිතයි.
මෙම අවස්ථාවට එක්වෙමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැව්සුවේ මේ හරහා ඩොලර් බිලියන ගණනක් රටට ගෙන ඒමට හැකි බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.