මොරන්තුඩුව ගෝනදූව ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රි 11.45 ට පමණ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකු එම ස්ථානයේම මිය ගොස් තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය පනාපිටිය පාර පදිංචිව සිටි යසිරැ සම්පත් ප්‍රනාන්දු හා වාද්දුව දෙල්දූව අරියගම පදිංචිව සිටි සංදේශ් සුලෝචන පියරත්න නමැති 18 හැවිරිදි තරුණයන් දෙදෙනායි.
මියගිය තරුණයන් දෙදෙනා තවත් තරුණයන් පිරිසක් සමඟ විනෝදයට කළුතර බණ්ඩාරගම මාර්ගයේ ඒ මේ අත යතුරුපැදි පදමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මියගිය තරුණයන් දෙදෙනා සමග යතුරුපැදි පදිමින් සිටි සෙසු තරුණයන් අනතුර සිදුවූ පසු පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
මොරොන්තුඩුව පොලීසියේ නිලධාරීන් පැමිණ බරපතළ තුවාල ලබා මාර්ගයේ වැටී සිටි තරුණයන් දෙදෙනාව මොරන්තුඩුව ගෝනදූව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් ඔවුන් මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.