ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් හිදි පැවැත්වුනු පළමු ආසියානු බෞද්ධ සමුළුව පසුගියදා සාර්ථකව අවසන් විය. ඉන්දියාවේ සංස්කෘතික අමාත්‍යංශය සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය (ෂගඊගක) සංවිධානය එක්ව ˜ආසියාව ශක්තිමත් කිරීමේ බුදු දහමේ කාර්‍යභාරය ˜ නම් මෙම සමුළුවට මහා සංඝරත්නය ,විවිධ සම්ප්‍රදායික ප්‍රභූන්, රාජ්‍ය ත්‍රාන්තිකයින්, මහාචාර්ය වරු, විද්වතුන් ඇතුළු 700 ට අධික ප්‍රමාණයක් සහ සම්බන්ධ වින.
ආසියාවේ රටවල්හි බෞද්ධ සංඝනායක හිමිවරුන් මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමියන් මෙම වැඩසටහනට එක්වූ අතර ආචාර්ය දමින්ද පෝරගේ ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්ම මහත්මීන්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් සමුළුවට සහ සම්බන්දව සිටින ලදී.
ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේදී බුදුදහමේ විස්ථායී භාවය මෙන්ම ජාතීන් එක්සත් කිරීම,අවිහිංසාව සාමූහික යහපැවැත්ම උදෙසා බුදුදහමේ ඇති වැදගත් භාවයන් එහිදී සාකච්ඡාවට බඳුන් විය.
විශේෂයෙන්ම මෙහිදී වස්කඩුවේ මහින්දවංශ නාහිමියන් උන්වහන්සේගේ දේශනයයේදී පැවසූයේ පිටස්තර ලෝකය අවි ආයුධ වලින් විනාශ වන අවදියක ආසියාවේ විවිධ සාම්ප්‍රධායෙන් යුත් ශාස්ත්‍රවරුන් රැස්ව අවිහිංසාව හා සාමය පිළිබඳව සාකච්ඡා කිරීමේ වැදගත්කම පිළිබඳවයි.
අවසන (ෂගඊගක) අධ්‍යක්ෂ ජෙනරාල් අහිජිත් හල්දාර් මහතා දිල්ලි ප්‍රකාශනය කියවමින් ඉදිරියේ කලයුතු ක්ෂේස්ත්‍රයන් පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කරන ලදී.
