අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනය අද මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරිනීතිය නොමැති ප්‍රදේශ වල ජනතාවත්සීමාවන බවත් බස්නාහිර පළාතට කෙසේ හෝ ඇතුල් වුවද අත්‍යාවශ්‍ය කරුණකට හැරුණුකොට ඉන් පිටවීමට කිසිදු අවසරයක් හිමි නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
මේ අතර අද උදෑසන 6 සිට බස්නාහිර පලාතට ඇතුල්වන සහ පිටවන ස්ථානවල විශේෂ මාර්ග බාධක යොදා බස්නාහිර පළාතේ සිට පිටවන සියලුම රථවාහන විශේෂ සෝදිසි කිරීමකට ලක්කරන බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එහිදී අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධ කරුණකට හැරුණුකොට බස්නාහිර පළාතේ සිට රථවාහන පිටත්වීම අත්හිටුවා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
එම අවස්ථාවන්හිදී සිය සේවා හැඳුනුම්පත භාවිත කළ හැකි බවද වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එසේම බස්නාහිර පළාතේ නොවුනද වෙනත් පළාත්වලද සති අන්තයේ දී ජනතාවට එක්රැස්ව සිදුකරන කිසිදු අවස්ථාවකට අවසර හිමි නොවන බව ද පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළා.




