කොවිඩ් පොකුරට වඩා විශාල කොවිඩ් පොකුරක් නිර්මාණය වුවහොත් රටේ සෞඛ්‍ය පද්ධතියට එය දරාගැනීමට නොහැකිවනු ඇති බව හා එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් දැඩි අපහසු තත්ත්වයකට රටම පත්වෙනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
එහිදී ඔහු , "දැන් මේ මොහොතෙදි අපිට සක්‍රීය වෙච්ච රෝගී උපපොකුරු කිහිපයක් තියෙනවා. මුලින් පටන් ගත්තෙ මිනුවන්ගොඩ පොකුර. ඊට පස්සෙ කොළඹ නැව් තටාකාංගණය ආශ්‍රිත පොකුර, මතුගම ප්‍රදේශයේ අගලවත්ත ප්‍රදේශයේ පොකුරු නිර්මාණය වුණා. කුලියාපිටිය ප්‍රදේශයේ පොකුරක් නිර්මාණය වුණා. කහතුඩුව ප්‍රදේශයේ දැන් යම් අවදානමක් මතුවෙලා තියෙනවා. මේ විදිහට රෝගී උපපොකුරු ගණනාවක්ම නිර්මාණය වෙමින් තියෙනවා. වඩා භයානක වෙන්නේ පෑලියගොඩ පොකුර වගේ පොකුරක් හදිසියෙන්ම බිහි වුණොත් එහෙම ඉතා අපහසු තත්ත්වයකට මුළු රටම පත්වෙනවා," යනුවෙන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.
එමනිසා පොකුරු නිර්මාණය වන තැනට වැඩකටයුතු නොකිරීමට මෙන්ම පොකුරු අවසන් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකිරීමට ජාතික වගකීමක් ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.




