“20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ ඔක්තෝම්බර් 22 වෙනිදා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණෙන බව නිල වශයෙන් දැනුම් දෙන්නේ ඔක්තෝම්බර් 23 පැහැදිලිවම මේ දෙක අතර සම්බන්ධයක් තියනවා. ජී. එල්. පීරිස් ඇමතිවරයා කියනවා මයික් පොම්පියෝ එන්නේ ගෙදර යන ගමන් කියල. ඒක විහිළුවක්. කොරෝනා නීති උල්ලංගනය කරමින් එන්නේ. ලංකාවේ ආණ්ඩුව මයික් පොම්පියෝ එන්නෙ මොකටද කියන එක රටට හංගනවා.” යනුවෙන් විජිත හේරත් පැවසුවේ අද මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දිය.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ කොල්ලුපිටිය පිහිටි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී මීට මොහොතකට පෙර විරෝධතාවයක නිරත විය.
මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක, මධ්‍යම කාරක සභිකයින් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ, ලක්ෂ්මන් නිපුන ආරච්චි සහ සමාජවාදී තරුණ සංගමය වෙනුවෙන් එරංග ගුණසේකර ඇතුළු සීමිත ජනතාවකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය නීති වලට යටත්ව මෙම විරෝධතාවය පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් තානාපතිවරයා වෙත ලිපියක්ද බාරදෙන ලදී.
තානාපති,
ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය
කොළඹ.
තානාපතිතුමියනි,
දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2020.10.27





