පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් ගබඩාවල තිබූ සහල් මෙට්‍රික් ටොන් 1000කට ආසන්න ප්‍රමාණයක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා ඇතුළු කණ්ඩායමක් විසින් රජය භාරයට ගැනීමට කටයුතු කළා.
රජයේ පාලන මිලට සහල් ලබා නොදෙන මහා පරිමාණ වී මෝල් හිමියන් සතු සහල් හදිසි නීති රෙගුලාසි යටතේ රජයේ භාරයට ගෙන සතොස හරහා වෙළඳපලට නිකුත් කරන්නැයි ජනාධිපතිවරයා පසුගියදා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව වෙළඳ අමාත්‍යවරයාගේ උපදෙස් මත අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්‍රමුඛ කණ්ඩායම මෙම වැටලීම සිදු කර ඇත.
නිපුන, අරලිය, ලතපඳුර, නිව් රත්න, හිරු සහ සූරිය යන මහා පරිමාණ සහල් මෝල්වල තිබූ සහල් තොග මෙලෙස රජය බාරයට ගෙන ඊයේ (08) පස්වරුවේ ම ඒවා කොළඹට රැගෙන ඒමට කටයුතු කර තිබුණා.
මේ සඳහා සතොස සහ ආහාර දෙපාර්තමේන්තුවේ ලොරි රථ 70ක් පමණ පොළොන්නරුවට රැගෙන ගොස් තිබූ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්,පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සහ සතොස නිලධාරීන් මෙන්ම පොලීසිය ද මෙම වැටලීමට එක්ව සිටියා.
















