කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය ලබන වසරේ අප්‍රේල් මාසයේ දී විවෘත කිරීමට නියමිත බව වාර්තා වනවා.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචර්ය ප්‍රියත්බන්දු වික්‍රම මහතා පැවසුවේ, එහි මූලික කටයුතු වැඩි ප්‍රමාණයක් මේ වන විට අවසන් කර ඇති බවයි.
ලොව ප්‍රමුඛතම ක්‍රියාකාරීන් තිදෙනෙකුගෙන් සමන්විත එම තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය දකුණු ආසියානු කලාපයේ විශාලතම තීරු බදු රහිත වෙළෙඳ සංකීර්ණය ද වනවා.
මෙම වෙළෙඳ සංකීර්ණය සඳහා මෙරටට පනවා ඇති භාණ්ඩ ආනයන තහනම බල නොපාන බව ආචාර්යය ප්‍රියත්බන්දු වික්‍රම මහතා වැඩිදුරටත් පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




