ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්කරමින් සිටි ජිප් රථයේ ගැටී රෝහල්ගතව සිටි දෙදරු පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය 15 වෙනිදා පුත්තලම කුරුණෑගල මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන විට ජිප් රථයේ රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කරමින් සිට ඇත.
ඔක්තෝබර් 15 වනදා සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලබාසිටි එම පුද්ගලයා දින 15කට පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී 30 වනදා සවස මරණයට පත්ව තිබුණා.
මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලම ලේක් විදීයේ පදිංචිකරුවෙක් වන එස්.එම්.සිහාන් නැමැති 48 හැවිරිදි අයෙක්.
මෙම අනතුර සම්බන්ධයෙන් ඩබ්ලිව්. රොමේෂ් සාලින්ද ප්‍රනාන්දු නැමැති ජීප් රථයේ රියදුරුව පුත්තලම පොලීසිය අත්අඩංගුවට ගස් අතර
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මේ වන විට සිටින්නේ ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ අනුව නැවත වතාවක් ඔහුව මෙම මරණය සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




