අඩු බර පාන් අලෙවි කරන වෙළෙඳ සැල් සොයා වැටලීම සිදුකරන ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දෙන බව මිනුම් ඒ්කක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
පාන් රාත්තලක තිබිය යුතු නියමිත බර නොමැති බවට ලැබී ඇති පැමිණිලි මත පසුගිය දින කිහිපය තුළ ඇතැම් ස්ථානවල වැටලීම් සිදුකර අතර එහිදී අඩු බර පාන් අලෙවිකළ වෙළෙඳසල් හැත්තෑවකට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් බේකරි කර්මාන්තය සඳහා සහන ලබාදෙනවා වෙනුවට වැටලීම් සිදු කිරීම පලක් නොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



_copy_1280x737.jpg)
