ගල්අඟුරු රැගත් නෞකාවක් අද (25) පස්වරුවේ මෙරටට පැමිණිමට නියමිත බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කරයි.
අදාළ නෞකාවේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් ඇති අතර එහි ගොඩබෑමේ කටයුතු හෙට (26) දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
මීට පෙර ගිවිසුම් ගතවූ සමාගමෙන් මෙම ගල්අඟුරු තොගය ආනයනය කර ඇති අතර ඉදිරියේදී තවත් ගල්අඟුරු රැගත් නෞකා 05ක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බ ඔහු වැඩිදුරටත් පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




