ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමේ තීරණයත් සමග පළමු කිලෝමීටරයට අයකරන ගාස්තුව අඩු කිරීමට පියවර ගත් බව ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එම ගාස්තුව රුපියල් 20කින් අඩු කරන බවයි ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමය පවසන්නේ.
මේ අතර බස් සහ පාසල් වෑන් රථ සඳහා ද ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව ජාතික ආරක්ෂාව පිළිබඳව ජනාධිපති ජ්‍යේෂඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




