ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න කේරළ ගංජා තොගයක් ඉලවාලේ මාදගල නැඟෙනහිර වෙරළ තීරයේ බෝට්ටුවක තිබිය දී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම බෝට්ටුවේ තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 95ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැති බවයි වාර්තා වන්නේ.
පොලිස් විශේෂ කාර්යය බළකා යාපනය කඳවුරේ නිලධාරීන්ට යුද්ධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරු අනුව මෙම වැටලීම සිදුකර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




