බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමු වරට එරට අග්‍රාමාත්‍ය ධුරය ආසියානු සම්භවයක් ඇති අයෙකුට හිමිව තිබෙනවා.
ඒ, ලිස් ට්‍රස්ගෙන් හිස් වූ අග්‍රාමාත්‍යධුරය සඳහා පාලක කන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටන ජය ගැනීමට ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනක් සමත් වීමත් සමගයි.
ධුරය භාරගෙන දින 45 ක් වැනි කෙටි කාලයක් තුළ බ්‍රිතාන්‍ය අගමැති ලිස් ට්‍රස් සිය ධුරයෙන් සහ කන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට පසුගියදා නිවේදනය කළා.
බිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාට වන අතර ඒ අනුව පාලක කන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව සටනට
ඉන්දිය සම්භවයක් ඇති හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් සහ Penny Mordaunt එක්ව සිටියා.
කෙසේ වෙතත් අපේක්ෂක නාම යෝජනා සඳහා ලබා දී තිබූ කාලය අවසන් වීමට නියමිතව තිබියදී අපේක්ෂිකා Penny Mordaunt දැනුම් දුන්නේ පක්ෂ නායකත්ව සටනින් තමා ඉවත් වන බවයි.
ඒ අනුව පාලක කන්සවේටිව් පක්ෂයේ නායකත්වය සඳහා රිෂී සුනක් නිතරගයෙන් තේරී පත් වුණා.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා බවට රිෂී සුනක් පත්වෙයි.
සුනක්, සති හතක් තුළ බ්‍රිතාන්‍යයට පත් වන තෙවැනි අගමැතිවරයා ද වනවා.
කෙසේ වෙතත් පාලක පක්ෂයේ නායකත්වයට පත්වීමත් සමග බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍ය ධුරයට රිෂී සුනක් පත්වන්නේ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ආසියානු, ඉන්දියානු සම්භවයක් සහිත පළමු අග්‍රාමාත්‍යවරයා ලෙස බ්‍රිතාන්‍ය ඉතිහාසය අලුත් කරමින්.
තවමත් 42 හැවිරිදි වියේ පසුවන සුනක් සියවස් දෙකකට පසු පත්වන බ්‍රිතාන්‍යයේ ලා බාලතම අගමැතිවරයා ලෙස ද ඉතිහාසයට එක්වෙයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




