සංචරණය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දෙයි.


හුදකලා කරඇති ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුළුවීමට කිසිවෙකුට ඉඩ නොතබන්නැයි ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට සිදුකරන සංචරණය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පවසා ඇත.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් කාර්ය සාධක බලකාය අද (11) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අතර, බෝනොවන රෝගවලින් පෙළෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරාගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

සෙසු රටවලින් මෙන්ම මෙරටින්ද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 93% කට හේතුව බෝනොවන රෝග වැළඳුණු අයට වෛරසය ආසාදනය වීම බව වෛද්‍යවරු පෙන්වා දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

මේ අතර හෘද, දියවැඩියා, වකුගඩු සහ පිළිකා ආශ්‍රිත රෝගීන් ඉතා වේගයෙන් කොවිඩ් ආසාදනයට ලක්වෙන බවත් බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ නොපෙන්වා මරණයට පත්ව ඇති බවත් පසුව කළ PCR පරීක්ෂණවලදී ඔවුන් කොවිඩ් අසාදිතයන් බවට තහවුරු වී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ පිළිබඳව විශේෂ අවධානය යොමුකර බෝනොවන රෝගවලින් පෙළෙන්නන් ආරක්ෂා කරගැනීමට සහ කොවිඩ් ආසාදනයෙන් වැළකීසිටීමට අදාළ උපදෙස්දීම හා දැනුවත්කිරීම් වහාම සිදුකරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දෙයි.

අද රැස්වීමේ දී කොවිඩ් ව්‍යාප්තිය සහ පාලනය පිළිබඳ වත්මන් තත්ත්වය මෙන්ම අනාගතයේ දී මතුවිය හැකි වෛරස ආශ්‍රිත රෝග පාලනය සහ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කරනු පිණිස ගත යුතු ක්‍රියාමාර්ග සහ අධ්‍යයනය කළයුතු ක්ෂේත්‍ර පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ප්‍රධාන රෝහල් වෙත පැමිණීමට ජනතාවට ඇති දුෂ්කරතා හඳුනාගෙන කලක් රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වූ  ප්‍රාදේශීය බෙහෙත් ශාලා (ඩිස්පෙන්සරි) කඩිනමින් පූර්ණ සක්‍රීයත්වයට පත් කළයුතු යැයි ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.  

ඒවාට අවශ්‍ය වෛද්‍ය, හෙද, වින්නඹු සහ සෙසු කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

හුදකලා කර ඇති ප්‍රදේශ වෙත භාණ්ඩ බෙදාහැරීමට සම්බන්ධ වන පාර්ශ්ව නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේ ද යන්න අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එමෙන්ම බන්ධනාගාරය ආශ්‍රිත තත්ත්වය සහ ව්‍යාප්තිය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ද මෙහිදී විමසුමට ලක්ව තිබේ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සංචරණය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දෙයි.
සංචරණය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxjp2Y8hY4hzgGSNDQHEhq4MxbrYSwgshVmFCJ0_LuE6KyONPqUR0j2am-N5heHlbzU8PN492uqHTkg8MTa5vI8TJfrHuKz99oGpx_jPAFpQxsDmDAi5f6xiFdRRz-N5xtNNpPrlJXGkQ/s16000/124095766_1767574463407861_3817612675036610565_o.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxjp2Y8hY4hzgGSNDQHEhq4MxbrYSwgshVmFCJ0_LuE6KyONPqUR0j2am-N5heHlbzU8PN492uqHTkg8MTa5vI8TJfrHuKz99oGpx_jPAFpQxsDmDAi5f6xiFdRRz-N5xtNNpPrlJXGkQ/s72-c/124095766_1767574463407861_3817612675036610565_o.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/474-President-advice-covid19-sri-lanka.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/474-President-advice-covid19-sri-lanka.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content