Header Ads

උණුසුම් පුවත්

දේවානි ජයතිලකට මාධ්‍ය වාර්ණයක්


ආන්දෝලනයක්ට තුඩු දී ඇති ගම්පහ, දාරළුවේ පිහිටි කෲඩියා සෙලනිකා වර්ගයේ ශාකය සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන්නේ විද්‍යාත්මක පදනමක් පමණක් මත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියා. මේ අතර මෙම ශාකය රැක ගැනීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් හඬ නැගූ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් වළකින ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

ලෝකයෙන් වඳවීයාමේ තර්ජනයට මුහුණ දී ඇති බවට හඳුනා ගැනුණු නමුත් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගම්පහ දාරළුව ප්‍රදේශයෙන් එම ශාකය ඉවත් කර වෙනත් ස්ථානයක රෝපණය කිරීමට ඉදිරිපත් වූ යෝජනාවත් සමඟ මෙම ශාකය සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු වුනාකෙසේ වෙතත් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගේ මැදිහත්වීම මත පසුගිය දිනෙක මෙම උත්සාහය වැලැකී ගොස් තිබුණා. 

මේ අතර වන ජීවි හා වන සංරක්ෂන අමාත්‍යංශය ලේකම් බන්දුල හරිෂ්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් අද එම ගස පිහිටි ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වුණා. කෙසේ වෙතත් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ඇති සූදානමක් පිළිබඳ වාර්තා පළ වී තිබුණා. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.එම් ඒ බන්ඩාර මහතා පැවසුවේ අදාළ නිලධාරිනිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි.