අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වටවල මවුන්ජින් වත්ත (28) දින සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කළ බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසුවා.
හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් වැඩි ප්‍රමාණයක් සහ එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන්ද විශාල පිරිසක් (27) දින වන විට හමු වූ නිසා මවුන්ජින් වත්ත හුදෙකලා කිරිමට තිරණය කළ බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
හුදෙකලා කර ඇති වටවල මවුන්ජින් වතුයාය පවුල් ගණනාවක් PCR පරික්ෂණයකට භාජනය කිරිමට නියමිත බවත්, වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 59 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා.
එම අසාදිතයන් සියළු දෙනා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර තිබෙනවා.




