2019 වසරේ ඉස්ලාම් අන්තවාදීන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට සිදු කළ බෝම්බ ප්‍රහාරයට අදාළව බදියුදීන් මොහොමඩ් රියාජ්ට නැවත දැනුම් දෙනතුරු විදේශ ගමන් තහනමක් පනවන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියනත් ලියනගේ මහතා ඊයේ (29) නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමකට මේ නියෝගය සිදු කළ මහේස්ත්‍රාත්වරයා මේ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වා යවන ලෙසටද නියෝග කර තිබෙනවා.
රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි සැකකරු මේ වන විට මුදා හැර ඇති බවත්, නීතිපතිවරයා විසින් විමර්ෂණ සිදු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවත් ඉදිරි දින විමර්ශන ප්‍රගතිය දැනුම් දෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී කියා සිටියා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා ප්‍රශ්න කරමින් සිට මේ වනවිට මුදා හැර සිටින සැකකාර බදියුදීන් මොමොමඩ් රියාජ් යන අය විදේශ ගතවීමේ සූදානමක් ඇතැයිද අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.




