මෙවර ජාතික නිදහස්
සැමරුම් උත්සවය සඳහා පෙර පුහුණුවීම් කටයුතු අද (30) දිනයේ සිට ආරම්භ කිරීමට
නියමිතව තිබේ.
නිදහස් දින සැමරුම් උත්සවය
සඳහා ගුවන් යානා පෙරහුරු කටයුතු වෙනුවෙන් ගුවන් යානා පහළින් පියාසර කරන බැවින්
අනතුරු සිදුවිය හැකි බව ගුවන් හමුදාව පෙන්වාදෙයි
මේ හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිත මාර්ග රැසක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඒ අනුව අද දිනයේ සිට ලබන 03 වන දින දක්වා පෙරවරු 6.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක අතර නිදහස් උත්සවය පැවැත්වෙන පෙබරවාරි 04 වන දින අලුයම 4.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි.
මේ අතර මේ දිනවල සරුංගල්, බැලුන් සහ ඩ්‍රෝන යානා පියාසර කරවීම වළක්වන ලෙස ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.




