ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන යෝජනා
ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට
පත්කොට ඇති කමිටුව වෙත අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට ඊයේ (29) දිනයේ රැස් වු මැතිවරණ කොමිෂන් සභාව
විසින් තීරණය කර ඇති බව වාර්තා වේ.
ප්‍රධාන කරුණු 8ක් මූලික කරගනිමින් ව්‍යවස්ථා සංශෝධනය
සඳහා සිය යෝජනා ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
එහිදි පුරවැසියාගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ
අයිතිය සෘජුවම මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම
සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කර ඇත.
ඊට අමතරව පාර්ලිමේන්තු, පළාත් සභා හෝ පළාත් පාලන මන්ත්‍රීවරයෙකු
සිදුකරන ලද වරදක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරුවෙකු වු පසු ඔහු මන්ත්‍රීධුරය
දැරීමට නුසුදුස්සෙකු වන්නේ නම් එම අවස්ථාව විමර්ශනය කොට මන්ත්‍රීධුරයෙන් ඉවත්
කිරීමට අදාළ බලය මැතිවරණ කොමිෂන් සභාවට පැවරීම පිළිබඳව ද යෝජනාවක් මැතිවරණ කොමිෂන්
සභාව විසින් ඉදිරිපත් කර තිබේ.




