මෙවර මහ කන්නයේ සිට පොහොර ප‍්‍රවාහනය දුම්රිය මගින්


එළඹෙන මහකන්නයේ සිට මෙරටට ආනයනය කරනු ලබන යූරියා ඇතුලූ රසායන පොහොර දුම්රිය මැදිරි උපයෝගි කරගෙන බෙදා හැරීමට අවශ්‍ය මූලික කටයුතු දැනටමත් ආරම්භකර ඇතැයි වරාය රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ප‍්‍රකාශකර සිටියේය.

ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ,ත්‍රිකුණාමලය වරාය නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

ත‍්‍රිකුනාමල වරාය පරිපාලන කාර්යාලයේදී ගුදම් පහසුකම්, බහාලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නාවුක කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමි නාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සාකච්චාවක් සංවිධාන කර තිබූ අතර ඒ සදහා වරාය, පොහොර සංස්ථාව හා දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරින් මෙන්ම පොහොර ආනයනකරුවන් සහභාගි වී සිටියහ.
මෙරටට ආනයනය කරනුලබන රසායන පොහොර දැනට ගොඩබානු ලබන්නේ කොළඹ වරායෙන් වන අතර ඉදිරියේදී මෙම පොහොර තොග ත‍්‍රිකුනාමලය වරායෙන් ගොඩබා දුම්රිය මැදිරිවලින් රටපුරා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට දැනටමත් කටයුතු සම්පාදනය කරමින් තිබේ. එහිදී ත‍්‍රිකුනාමල වරාය ආශ‍්‍රිතව පවතින පහසුකම් හා ගැටලූ හදුනා ගැනීම සඳහා උක්ත සාකච්ඡාව සංවිධාන කර තිබුනි.
මෙහිදී පොහොර ආනයන කරුවන්ගේ ගැටලූ පිළිබඳ අවධානය යොමුවූ අතර එම ගැටලූ විසදා ගැනීමෙන් අනතුරුව ලබන මහ කන්නයේ පොහොර අවශ්‍යතාව සලකා බලා එම සැපයුම ත‍්‍රිකුනාමල වරායෙන් ගොඩබෑමටත් දුම්රිය මැදිරි උපයෝගී කරගෙන එම තොග බෙදා හැරීමටත් තීරණය විය.
එමෙන්ම ඉදිරියේදී ප‍්‍රවාහන කටයුතු පහසුකර ගැනීම සඳහා නව දුම්රිය ප‍්‍රවේශයක් ත‍්‍රිකුනාමල වරාය දක්වා ඉදිකිරීමටද කටයුතු කරමින් සිටින බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය කෙරුනි.
සාකච්ඡාවේන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පොහොර අපනයන කරුවන් ගුදම් සංකීර්ණය හා අෂ්රෝෆ් ජැටිය ඇතුලූ වරාය නිරීක්ෂණ චාරිකාවක යෙදුනහ.
මෙම අවස්ථාවට ත‍්‍රිකුනාමල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කපිල අතුකෝරල මහතාද එක්වී සිටියේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: මෙවර මහ කන්නයේ සිට පොහොර ප‍්‍රවාහනය දුම්රිය මගින්
මෙවර මහ කන්නයේ සිට පොහොර ප‍්‍රවාහනය දුම්රිය මගින්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBphS1GGn_0RnBRewKR3FeN8Qrnu1dSgvvQzOKbd-Fwy4OST8hAL_ZKFmeLOSpPtE6tBfCUYykFKBDPLG0K9eJXrJWrYx2XMaiVOdwb5ZYAUlpruscRAwZxPwP2fRhsQ1Y8v0vOyfhQEU/s16000/2d754259d1751deb7cc2e0bdb93180e8_XL.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBphS1GGn_0RnBRewKR3FeN8Qrnu1dSgvvQzOKbd-Fwy4OST8hAL_ZKFmeLOSpPtE6tBfCUYykFKBDPLG0K9eJXrJWrYx2XMaiVOdwb5ZYAUlpruscRAwZxPwP2fRhsQ1Y8v0vOyfhQEU/s72-c/2d754259d1751deb7cc2e0bdb93180e8_XL.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/blog-post_16.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/blog-post_16.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content