රජය නව උද්යෝගයකින් සහ බලාපොරොත්තු සහගතව 2021 වසරට මුහුණ දෙනවා

 


අභියෝග රාශියකට මුහුණ දුන් රජය නව උද්යෝගයකින් සහ බලාපොරොත්තු සහගතව 2021 වසරට මුහුණ දෙන බවත් ඒ සඳහා නව ක්‍රමවේද භාවිතා කරමින් සිටින බවත් තීරණ ගැනීමට රජය කිසිවිටකත් පසු බට නොවන බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(12) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

2020 වසර ලංකා ඉතිහාසයේ දුෂ්කරතා සහිත වසරක් බවත් මුල් මාස තුනේදී මෙරට පැවතියේ භාර කාර රජයක් වූ අතර මුළු ලෝකයේම වසංගත තත්වයකට මුහුණ දුන් සහ ආර්ථිකය  පසුබෑමට ලක් වූ වසරක් බවත් පැවසූ අමාත්‍යවරයා, මෙවන් තත්වයක් යටතේ රටක් පාලනය කිරීම අභියෝගාත්මක කරුණක් වූ අතර එහෙත් රජය එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන් බව  රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ රජයේ ඉලක්ක පිළිබඳව පැහැදිළිව පෙන්වා දී ඇති බවත් එම ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් 2019 වසරේදී 9.9% දක්වා වැඩි වී තිබූ අය වැය පරතරය ඉදිරි  වසර 5 තුළ 4% දක්වා අඩු කර ගන්නා බවත් බවත් , රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයක් ලෙස 75% දක්වා අඩු කර ගැනීම, දේශීය සහ විදේශීය ණය අඩු කර ගැනීම වැනි මෙවලම් භාවිතා  කරමින් රජය යම් විශ්වාසයක් ඇතිව 2021 වසරට මුහුණ දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

විදේශ ණය ගැනීමේදී වඩාත් කල්පනාකාරී ලෙස කටයතු කළ යුතු බවත් පොළී අනුපාතය පමණක් නොව එමගින් රුපියලේ අගය පහළ යන බවත් පැවසූ අමාත්‍යවරයා, පසුගිය රජය සිදු  කළාක් මෙන් බදු ගැසීමෙන් පමණක් රජයකට ඉදිරියට යා නොහැකි බව පැහැදිළි කළේය.

‍මේ වන විටත් විවිධ අංශ කිහිපයක රටේ පිබිදීමක් ඇති වී තිබෙන බවත් රුපියල් බිලියන 5000ක් පමණ වටිනාකමකින් යුතු මහා පරිමාණ නව ව්‍යාපෘති 289ක් පමණ රජය මේ වන විටත් සිදු  කරගෙන යන බවත් එම ව්‍යාපෘති පසු විපරම් කරමින් සහ අධීක්ෂණය කරමින් රටේ වර්ධන වේගය වැඩි කර ගැනීමට බලාපොරොත්තු වන බවත් පැවසූ කබ්රාල් මහතා, ණය බරතාවය අඩු  කරගෙන රටේ ප්‍රගතිය ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවද කීය. කොටස් වෙළෙඳපොළ මේ වන විටත් වර්ධනය වෙමින් පවතින බව පැවසූ රාජය අමාත්‍යවරයා ආයෝජකයන්ට දැඩි  විශ්වාසයක් ඇති වී තිබෙන බවද ණය ලිහිල් කිරීම, පොළී අඩු කිරීම සහ බදු අඩු කිරීම නිසා සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් මේ වන විටත් නැගී සිටින බවත් පැහැදිළි කළේය.

රටට ලැබනෙ විදේශ ප්‍රේෂණ ක්‍රම ක්‍රමයෙන් වැඩි වන බවත් නැවත් වරක් අපේ රටට සෘජු ආයෝජන ගලා එමින් තිබෙන බවද පැවසූ අමාත්‍යවරයා පටු දේශපාලන අරමුණු වලට මුහුණු නොදී  රජයට සහය ලබා දෙන මෙන් කීය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: රජය නව උද්යෝගයකින් සහ බලාපොරොත්තු සහගතව 2021 වසරට මුහුණ දෙනවා
රජය නව උද්යෝගයකින් සහ බලාපොරොත්තු සහගතව 2021 වසරට මුහුණ දෙනවා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwl8MVNdOyppzDMRPvOfGj-ph2AexdE4n6OCUxljJYRDFmt8FyyeBluwof4GOU9xfYIDZYCMsmVdP-ATgw4sdWH23xOYD182dvGIOqclmm5mi3V3lZfbZ_UwWLR6lGn8Ky1not-FvhfPI/s16000/Ajith-Nivard-Cabraal_850x460_acf_cropped.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwl8MVNdOyppzDMRPvOfGj-ph2AexdE4n6OCUxljJYRDFmt8FyyeBluwof4GOU9xfYIDZYCMsmVdP-ATgw4sdWH23xOYD182dvGIOqclmm5mi3V3lZfbZ_UwWLR6lGn8Ky1not-FvhfPI/s72-c/Ajith-Nivard-Cabraal_850x460_acf_cropped.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/AjithNiwadKabral.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/AjithNiwadKabral.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content