අද (30) සිට සතියක කාලයක් කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය වසා දැමීමට තීරණය කර ඇති බව අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නලින් ජයමිනි මහතා පවසනවා.
වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයට අයත් කනංකේ ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් හත්දෙනෙකු පසුගිය 28 වන දින හඳුනාගැනීමත් සමග එම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
වැලිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ උපදෙස් මත මෙම තීරණය ගත් බවයි ඒ මහතා පැවසුවේ.
මේ අතර දඹුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම රජයේ පාසල් ද අද සිට සතියක කාලයකට වසා දැමීමට දඹුල්ල නගරාධිපතිවරයා තීරණය කර තිබෙනවා.
ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළින් ආසාදිතයින් හමුවීමේ අවදානමක් හේතුවෙන්.
බස්නාහිර පළාත සහ හුදකලා ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල රජයේ පාසල් තෙවැනි වාරය සඳහා යළි ඇරඹුණේ පසුගිය 23 වැනිදායි.