නාවික හමුදාව විසින් මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටින් ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකසහිත ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙක් (05) සහ ජාවාරම් කරුවන් දෙදෙනෙක් (02) නොවැම්බර් 28 දින නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී සැක කටයුතු ලෙස යාත්‍රා කරමින් තිබු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කරන ලදී. පසුව සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී නීති විරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකපිට පුද්ගලයන් පස් දෙනෙක් (05) හා ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් (02) සමගින් එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් අතර අවුරුදු 29ක් වන පිරිමි පුද්ගලයෙක්, අවුරුදු 29 සහ 38 වයස් වල පසුවන කාන්තාවන් දෙදෙනෙක් (02) , අවුරුදු 08 සහ 09 වයස් වල පසුවන ගැහැණු ළමුන් දෙදෙනෙක් (02) වූ අතර, ඔවුන් මන්නාරම නානට්ටාන් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික පුද්ගලයන් බවට හඳුනා ගන්නා ලදී. එමෙන්ම නාවික හමුදා භාරයට ගත් ජාවාරමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 32 සහ 37 ක් වන පේසාලේ ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හඳුනා ගන්නා ලදී.