පාරිභෝගික අධිකාරියේ අනුමැතිය හිමි ඇසුරුමේ යොදා සුපිරි වෙළෙඳසල්වල අළෙවි කරන බිත්තර උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අළෙවි කළ ද වැටලීම් නොකරන බවත් එම බිත්තරයක් ද රුපියල් 65 කට උපරිම මිලට පමණක් අළෙවි කළ හැකි බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙකු පවසනවා.
එම බිත්තරය පිරිසිඳු කර අනුමැතියකට යටත්ව අළෙවි කරන බවයි එම නිලධාරියා සදහන් කරන්නේ.
පාරිභෝගික කටයුතු අධිකාරිය බිත්තර සඳහා පසුගිය අගෝස්තු මස නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් සහ දුඹුරු හෝ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 ක් ලෙස දැක්වෙනවා.
කෙසේ වෙතත් වර්තමාන වැටලීම්වලදී බිත්තරයක් රුපියල් 50 කට වැඩි මුදලකට අළෙවි කරන වෙළෙදුන් පමණක් වැටලීම්වලට ලක්වන බවයි එම නිලධාරියා වැඩිදුරටත් පවසන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




