නාවික හමුදාව පුත්තලම කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1372 කට අධික තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් පස් දෙනෙක් පෙරේදා (28) වන දින රාත්‍රි කාලයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
වයඹ නාවික විධානය විසින් පුත්තලම කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ අන්තර්ජාතික මුහුදු සීමාවට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම මුහුදු ප්‍රදේශයේ තිබු සැකකටයුතු ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් නිරීක්ෂණය කරන ලදී. පසුව සිදුකළ වැඩිදුර පරික්ෂාවේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ උර 39ක අසුරන ලද වියළි කහ කිලෝ 1372 යි ග්‍රෑම් 300 ක පමණ තොගයක් සොයාගන්නා ලද අතර, එම කහ තොගය සමග ඩව් (Dhow) යාත්‍රාවේ සිටි ඉන්දීය ජාතික සැකකරුවන් පස් දෙනෙකු (05) සහ යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදා භාරයටගත් මෙම යාත්‍රාවෙන් ගෙන එන කහ තොගය මුහුදේදී ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාවකට හුවමාරු කිරීමට මෙම ජාවාරම් කරුවන් සැලසුම්කර තිබෙන්නට ඇතැයි නාවික හමුදාව සැකකෙරේ.