කොවිඩ් – 19 වයිරසය හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ දේහ සඳහා නොමිලේ මිනි පෙට්ටි ලබාදීමට මුස්ලිම් ස්වේච්ඡා සංවිධානයක් ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.
‘Shihara Janaza Foundaton’’ නමැති මෙම ස්වේච්ඡා සංවිධානය විසින් කොවිඩ් වයිරසය වැලඳී මිය යන ඕනෑම ජාතියකට හෝ ආගමකට සම්බන්ධ අඩු අදායම්ලාභී අය හට නොමිලේ මිනී පෙට්ටි ලබා දෙන බව එම සංවිධානයේ නිර්මාතෘ හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන් පවසනවා.
මිනී පෙට්ටි ලබාදීම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශය මත කොළඹ දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල් වෙත බෙදාදීම මේ වනවිටත් ආරම්භ කර තිබේ.
මෙම මිනි පෙට්ටියක වෙළඳ පොළේ සාමාන්‍ය වටිනාකම රුපියල් 35,000 ක් පමණ වෙයි.
මෙලෙස මිනී පෙට්ටි නොමිලේ ලබාදීම සඳහා කොළඹ ප්‍රදේශයේ දානපති ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුම ඉදිරිපත්ව සිටින බවයි මොහොමඩ් රිස්වාන් මහතා ප්‍රකාශ කළේ.
මේ අවස්ථාවේදී ආර්ථික අතින් බොහෝ පිරිසක් කොවිඩ් තත්වය හමුවේ අසරණ වී සිටින බැවින් මෙවැනි කටයුක්තක් ආරම්භ කිරීම මහත් පුණ්‍ය ක්‍රියාවක් ලෙස තමා විශ්වාස කරන බව ඔහු පවසයි.
මේ අයුරින් වෙනත් රෝග වැළදීමෙන් මියයන පුද්ගලයින්ටද නොමිලේ මිනි පෙට්ටි ලබා දීමේ වැඩසටහනක්ද ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඩෙංගු රෝගය වැළදීම නිසා 2011 වසරේදී මියගිය තම දියණිය වෙනුවෙන් මෙම සංවිධානය ආරම්භ කල බව ඔහු ඉතාමත් සංවේදීව පැවසුවා.
නොමිලේ මිනි පෙට්ටි ලබා දෙන මෙම වැඩසටහන නවත්වන ලෙසට තම මුස්ලිම් ප්‍රජාවගෙන් සහ සංවිධාන වලින් තමාට මරණ තර්ජනද එල්ල වෙමින් පවතින බවත් එම තර්ජන සම්බන්ධයෙන් පොලිසියට ද පැමිණිලි කර ඇතැයි ඔහු පවසයි.
ඇතැම් පිරිස් ව්‍යාජ මරණ සහතික ඉදිරිපත් කර මිනි පෙට්ටි රැගෙන ගොස් වැඩි මිළට විකුණන ජාවාරමක්දමේ හරහා ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එය වැලැක්වීම සඳහා මේ වනවිට පියවර ගෙන ඇතැයි ඔහු පවසන්නේ.
මේ වන විට අඩුඅදායම්ලාභී පුද්ගලයින් සඳහා මිනි පෙට්ටි 25 ක් පමණ ලබා දීමට කටයුතු කර තිබේ.
තමා මුස්ලිම් ජාතිකයෙකු උනත් මෙම වසංගත තත්වය හමුවේ සියලුම දේහයන් අනිවාර්යෙන්ම ආදාහනය කළ යුතුය යන මතයේ සිටින බවත් නොයෙකුත් සංවිධාන පවසන්නේ මුස්ලිම් ජාතික මෘත ශරීර භූමදානය කළ යුතු බව පැවසුවත් රජයේ සෞඛ්‍ය නිර්දේශ මත ක්‍රියා කිරීමට අනුගත විය යුතු බවත් “Shihara Janaza Foundaton” සංවිධානයේ නිර්මාතෘ හලාල්ඩීන් මොහොමඩ් රිස්වාන් මහතා වැඩිදුරටත් පැවසිය.
ඔබට නොමිලේ මිනි පෙට්ටියක් ලබා ගැනීමට අවශ්‍යනම් 075-7557552 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.