මුහුණු ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය පවත්වාගෙන නොයෑම හේතුවෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ වැරදි සම්බන්ධයෙන් එක් දිනයක් තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (13) දිනයේ බවය.
එම පිරිසෙන් වැඩි දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, කටුනායක සහ සීදුව යන ප්‍රදේශවලිනි.
මුහුණු ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 201 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මේ අතර සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.




