ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව ජෝ බයිජන් ජන්ද විද්‍යාල 306 ක් ලබාගෙන ඇති අතර වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනාගෙන ඇත්තේ ජන්ද විද්‍යාල 232 ක බලය පමණයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ පරාජයෙන් පසු පළමුවරට ජනතාව අමතා තිබේ.
ඊයේ දිනයේ ධවල මන්දිරයේ රෝස් උද්‍යානයේදී ජනතාව අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තම පාලන කාලය තුළ රට අගුලු දැමීමට කිසිවිටෙකත් කටයුතු නොකරන බවය.
එහෙත් ඉදිරි පාලනයේදී කුමක් සිදුවේද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරණ පරාජය පිළිබඳ මෙතෙක් ඝෘජුව පිළිගෙන නොමැති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිනයේ ප්‍රකාශයෙන් වක්‍රාකාරයෙන් සිය පරාජය පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.




