ලබන ජනවාරි සිට සතියකට දිනක් බතික් හෝ අත්යන්ත්‍ර පේෂකර්මාන්ත නිෂ්පාදිත ඇඳුමින් සැරසී තම කාර්යාල වෙත පැමිණෙන්නැයි රජය ඉල්ලීමක් කරනවා.
එය රාජ්‍ය නිලධාරීන් සඳහා සකස් කළ වැඩපිළිවෙළක් බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළා.
එය සෑම සිකුරාදා දිනකම ක්‍රියාත්මක කරන ලෙස තමන් රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටින බවයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා සියලු ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් ද නිකුත් කර ඇති බවයි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ.




