බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට එම රෝග ආශ්‍රිත සංකූලතා මතුවුවහොත් වහාම රෝහල්ගතවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බෝ නොවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
ඇය වැඩිදුරටත් කියා සිටියේ, නිරෝධායනය වන පුද්ගලයෙකුට නිධන්ගත රෝග ආශ්‍රිත සංකූලතා මතුවුවහොත් ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන ලෙසයි.
එමෙන්ම නිරෝධායනය නොවන සාමාන්‍ය නිවසක පුද්ගලයෙකුට එවැනි සංකූලතාවක් ඇතිවුවහොත් 1990, අංකයෙන් ගිලන් රථ සේවාවට හරහා රෝහල්ගත වීමට අවශ්‍ය පියවර ගත හැකියි.
මේ අතර සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ 1999 සහ 011 3 422 558 යන අංක ඔස්සේ ද අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගත හැකි බව බෝ නොවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ සඳහන් කළා.




