රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට කොරෝනා වෛරසය වැළදීමේ අවධානමක් ඇති බැවින් බන්ධනාගාරයේ සිට කොමිසමේ පරීක්ෂණ සඳහා සම්බන්ධවීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥයින් කළ ඉල්ලීම පාස්කු ප්‍රහාරය පිළිබඳ ව සොයාබලන ජනාධිපති කොමිසම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ, රිෂාඩ් බදියුදීන් මහතා නියෝජනය කරමින් ඊයේ කොමිසමට පැමිණි පුද්ගලයෙකු රහසිගතව සාක්ෂි විමසීම පටිගත කිරීම හේතුවෙන් අදාළ පාර්ශ්වය පිළිබඳ විශ්වාසය කඩවී ඇති බවයි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන්, පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට ඊයේ පැමිණි නීතිඥවරයා තම සේවාදායකයාට කොවිඩ් – 19 වෛරසය වැළදීමේ අවධානමක් ඇති බව පෙන්වා දී තිබෙනවා.
ඔහු පැවසුවේ වැලිකඩ බන්ධනාගාරයේ තම සේවාදායකයා රඳවා සිටින කුටිය ආසන්නයේ කුටියකින් කොවිඩ්-19 අසාදිතයෙක් හඳුනාගෙන ඇති බවයි.




