කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල පවතින සංඥා පුවරු ආශ්‍රිතව සිටින ව්‍යාජ යාචකයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
එවැනි යාචකයින්ට මහ මගදී මුදල් ලබාදීම හා භාණ්ඩ මිලදී ගැනීම වරදක් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.
කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍ර දේශවල පවතින සංඥා පුවරු ආශිතව සිටින බොහෝ යාචකයින් සැබෑ යාචකයින් නොවන බවට බුද්ධි අංශ මගින් හඳුනාගෙන තිබෙනවා. මොවුන් ව්‍යාජ ලෙස ව්‍යාපාරික වශයෙන් යාචක වෘත්තියේ නිරතව සිටිමින් සංඥා ලාම්පු අසළ රැඳී සිටිනවා.
මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. හුදෙක් වාහනයක සිට රියදුරෙක් හෝ වෙනත් තැනැත්තෙක් සංඥා පුවරුවක් ආසන්නයේ සිට මුදල් ලබාදීමක් හෝ යමක් මිලදී ගන්නවානම් ඒකත් වරදක්.
ඔවුන් කරන්නේ ප්‍රධාන මාර්ගය අවහිර කිරීමක්. ඔවුන්ට එරෙහිවත් ජාතික මංමාවත් පනත යටතේ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දී තිබෙනවා. ඒ නිසා ඔබ සංඥා පුවරු ආශ්‍රිතව යම් යම් පුද්ගලයන්ට මුදල් දීමට හෝ භාණ්ඩ මිලදී ගැනීම කරන්නට එපා. එය මෝටර් වාහන පනත යටතේත් වරදක් වෙනවා.”




