පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
බන්ධනාගාර රැඳවියන් නිරෝධායනය කිරීම සඳහා එම බන්ධනාගාරය මේ වන විටත් බලධාරීන් විසින් වෙන්කර තිබෙනවා.
එහි රැඳවියන් 800කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර ඉන් රැඳවියන් 30කට හා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
එවන් තත්ත්වයක් තුළ තමන්ට ද කොරෝනා ආසාදනය වීමේ වැඩි ඉඩක් පවතින් බැවින් තමන්ට ඉක්මනින් PCR පරීක්ෂණ සිදුකරන ලෙසත් එසේ නොමැති නම් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙසත් විරෝධාතාවයේ නිරත රැඳවියන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් මහනුවර පොලීසිය පවසා සිටියේ, එම රැඳවියන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීම සඳහා මේ වන විටත් කටයුතු සැලසුම් කර ඇති බවයි.




