බෝගම්බර බන්ධනාගාරයෙන් පළා යාමට තැත්කල රැඳවියන් 05 දෙනෙකුට එහි ආරක්ෂක අංශ විසින් වෙඩි තබා තිබෙනවා.
ඔවුන් සියළුදෙනාම නිරෝධායනය වෙමින් සිටි පිරිසක්.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කියාසිටියේ එහිදී එක් රැඳවියෙකු මියගොස් ඇති බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේදී රැදවියන් පිරිසක් පලායාමට තැත් කිරීමේදී එය වැළැක්වීමට බන්ධනාගාර නිළධාරින් පියවර ගත් අවස්ථාවේදී බන්ධනාගාරය තුළ උණුසුම් තත්වයක් හටගෙන ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ.
මෙහිදී එක් රැදවියෙකු බන්ධනාගාර තාප්පයෙන් පැන පලාගොස් ඇති අතර අල්ලාගත් රැදවියන් 03 දෙනාගෙන් අයෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරියෙකුගෙන් පැවසුවේ පලාගිය රැදවියා අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය සහ විශේෂ කාර්යය බළකාය මේවනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.




