වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 542 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් කුන්චි කුලා මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් සමඟ එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෝටර් රථයක තිබි කේරළ ගංජා කිලෝග්‍රෑම් 5.7 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ගංජා තොගය සහ වාහනය සමඟ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා මඩු පොලිසිය වෙත භාර දී ඇත.
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත රටෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා විශාල කාර්යභාර්යක් සිදුකරනු ලබයි. ඒ අනුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ නීතිවිරෝධි ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස යුද්ධ හමුදා භටපිරිස් වෙත උපදෙස් ලබාදී ඇත.