සඳුදා සිට කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 17ක් හුදෙකලා කරයි
සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශය හුදෙකලා කරන බවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට ඇති පොලිස් බලප්‍රදේශ සංඛ්‍යාව 17ක් වේ.
මීට අමතරව දැනට හුදෙකලා කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, ජා-ඇල, මිගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කඩවත යන පොලිස් බලප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ හෙට අළුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවනු ලබන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම ප්‍රදේශ හුදෙකලා කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.




