දැන් රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්වෙලා.


රටේ ඉඩම් විකුණන්නේ නැති බව කියමින් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට රටේ තිබෙන ආර්ථික මර්මස්ථාන චීනයට විකුණා දමමින් සිටින බවත්, මේ ආණ්ඩුව රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්ව තිබෙන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

පොළවට ආදරය කරන, පොළව සිඹින දේපල වෙළෙන්දෝ කොළඹ තිබෙන ඉඩම් චීනයට විකිණීමට සෙලන්දිවා නමින් අලුත් සමාගමක් ආරම්භ කර තිබෙන බවද කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත‍්‍රීවරයා පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා,

මේ ආණ්ඩුව බලයට එන විට අලුත් රටක්, විනයගරුක රටක් හදන්න එනවා කියලයි කිව්වේ. අලුත් වැඩ පිළිවෙලක් අරගෙන එනවා කිව්වා. රට ආරක්ෂා කරන්න, රට රැුක ගන්නවා කියලා කිව්වේ.

අරයා ඉඩම් විකිණුවා, මෙයා ඉඩම් විකිිණුවා කියලා තමයි මේ අය බලයට පැමිණියේ. හැබැයි දැන් රාජපක්ෂ දේපල වෙළෙන්දෝ කියලා තමයි අපිට කියන්න වෙලා තියෙන්නේ.

පසුගිය ඉතිහාසයේ කිසිම රජයක් සින්නක්කරයට විකුණලා නෑ. බදු දීලා තියෙනවා. රාජපක්ෂවරු විතරයි සින්නක්කරයට වෙනත් රටවල් වලට ඉඩම් විකිණුවේ.

රාජපක්ෂවරු ශ‍්‍රැංග‍්‍රිල්ලා ඉඩමේ ඉදලා ඒ අවට තිබුණ සියලුම ඉඩම් සින්නක්කරයට විකුණලා දැම්මා. මේ ආණ්ඩුව බලයට ආවෙත් අපි කිසිම ඉඩමක් විකුණන්නේ නෑ, විකුණපු ඉඩම් අපි ආපහු අරගන්නවා කියලයි. දැන් මොකක්ද වෙලා තියෙන්නේ?

බිමට ආදරය කරනවාය කියන, බිම ඉඹින දේපල වෙලෙන්දෝ කොළඹ තිබෙන සියලුම ආර්ථික මර්මස්ථාන ටික වෙන්දේසි කිරීමට සෙලන්දිවා කියලා සමාගමක් හදලා තියෙනවා. ඉතාමත් ඉක්මනින් ඉඩම් විකිණීමේ වැඩපිළිවෙල හදලා තියෙනවා.

රට ආරක්ෂා කරනවා, රටේ තියෙන සම්පත් ටික රැුකගන්නවා කියලා ඇවිත් මේ රටේ තියෙන සම්පත් ටික විකුණලා තමන්ගේ මඩිය තරකරගැනීමේ ව්‍යාපාරයක යෙදිලා ඉන්නවා.

දැන් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තමයි විකුණාදැමීම සිදුකරන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉඩම් සංවර්ධනය කරනවා නම් ශ‍්‍රී ලංකා රජයටම ආයෝජනය කරලා ඒවා සංවර්ධනය කරන්න පුලුවන්නේ.  

දැන් නාගරික සංවර්ධන අධිකාරිය මැදට දාලා වෙනත් අයට ඉඩම් විකිණීමට තමයි මේ උත්සාහ ගන්නේ. වෙනත් විදියකට කියනවා නම් චීන නගරයේ, චීන කොලනියේ, වරාය නගරය නම් චීන කොටසේ අනු ශාඛාවන් ලෙස මේවා චීනයටම දෙන්න තමයි සූදානම් වෙන්නේ.

චීන වරාය නගරය, කොළඹ නගරය දක්වා ව්‍යාප්ත කිරීමේ සැලසුම තමයි මේ ක‍්‍රියාත්මක වෙන්නේ.

පෝර්ට් සිටි පනත සම්මත කරගන්නවා එක්ක තමයි සෙලන්දිවා සමාගම එළියට එන්නේ. මේ සේරම එකකට එකක් සම්බන්ධ කාරණා. මේ සියල්ල චීනයට මේ රට ලියලා දීමේ තවත් කොටසක් විදියට තමයි අපි දකින්නේ. 




Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: දැන් රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්වෙලා.
දැන් රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්වෙලා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbXJNR2-60k9WEYADubd8XIRFO_aocRFCkW8HH6HFnjdSUj0PejbMdV2DPuIhiS_HNHkEM72GP8q2ky-ZQcxcOxoxzNushrD05iOQfqZ5EMKYo8K2o1bVHwp8CteoJ2WPjQ8oj1yOPT8A/s16000/manusha-nanayakkara.png.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbXJNR2-60k9WEYADubd8XIRFO_aocRFCkW8HH6HFnjdSUj0PejbMdV2DPuIhiS_HNHkEM72GP8q2ky-ZQcxcOxoxzNushrD05iOQfqZ5EMKYo8K2o1bVHwp8CteoJ2WPjQ8oj1yOPT8A/s72-c/manusha-nanayakkara.png.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/04-political-manusha%20nanayakkara.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/04-political-manusha%20nanayakkara.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content