තම හෙද සේවාවට බලපාන වෘත්තීය ගැටළුවලට රජය විසින් බාදුන් විසඳුම් ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය රටපුරා තෝරාගත් රෝහල් සියයක ඊයේ (29) දහවල් කෑම පැයේ දී විරෝධතාවක නිරතවිය.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රතනප්‍රිය මහතා සඳහන් කළේ හෙද හෙදියන්ගේ උසස්වීම් ගැසට් කිරීම, මාණ්ඩලික තත්ත්වය ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීම, දින පහේ සතිය ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කිරීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීම සඳහා මෙම විරෝධතාවය පැවැත් වූ බවයි.
රෝගී සත්කාරසේවාවන්ට බාධාවක් සිදු නොකර කළුබෝවිල, අංගොඩ, මාතර, මහනුවර, ගම්පහ ඇතුළු තෝරාගත් රෝහල් 100ක මෙම විරෝධතාවය අද දහවල් පැවැත්වුණු ඒ් මහතා පැවසීය.









