අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ මේ වසරේ අගෝස්තු 28 සෙනසුරාදා දින සිට සැප්තැම්බර් 08වන බදාදා දක්වා සෞන්දර්යය විෂයයන්ට පෙනී සිටි 169,000ක් වූ සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
2020 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 622,000ක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට ප්‍රමාද වී තිබෙන්නේ සෞන්දර්යය විෂයයන්වල ප්‍රායෝගික පරීක්ෂණ නිසි කාලය තුළ පැවැත්වීමට නොහැකි වීම නිසා ය.ජූලි 26වැනි සඳුදා දින සිට මාසයක කාලයක් සිසුන් සඳහා පෙර පුහුණුවීම් කටයුතු පාසල්වල ආරම්භ කිරීමට සැලසුම්කොට ඇත. පූර්ණ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව එම සිසු දරු දැරියන් පාසලට කැඳවීමට කටයුතු කරන ලෙස ද දන්වා ඇත.
මේ සම්බන්ධ ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අනුමැතිය ලබාගෙන ඇති අතර විදුහල්පතිවරුන් විසින් මේ වනවිට අදාළ විෂයභාර ආචාර්යවරුන් කැඳවා පුහුණුවීම් සඳහා අවශ්‍ය කටයුතු සැලසුම්කොට ඇත. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව දුරස්ථභාවය ආරක්ෂාවන පරිදි අදාළ පුහුණු කටයුතු සිදු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස සියලු ම විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.




