අද දිනට කොවිඩ්-19 ආසාදිත මරණ 07ක් තහවුුුුරුු වූ බව වාර්තා වෙයි. ඒ් අනුව මෙරට සම්පූර්ණ කොවිඩ්-19 ආාදිත මරණ ගණන 116 කි.
ඔවුන්ගේ තොරතුරු පහතින් ,
01. කොළඹ 02 ප්‍රදේශයේ පදිංච්චි අවුරුදු 50 ක කාන්තාවකි. කොවිච් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට මු ල්වියාව මූලික රෝහලට මාරු කර එවා ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී 2020 නොවැම්බර් 28 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිච් 19 නියුමෝනියාව සහ නිධන්ගත පෙනහලු රෝගයකි.
02. ගොතටුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2020 නොවැම්බර් 27 වන දින නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ නිධන්ගත පෙනහලු රෝගයක් සහ දියවැඩියාව උත්සන්න වීමයි.
03. මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 73 පිරිමි පුද්ගලයෙකි. කොවිච් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ලබමින් සිටියදී හෝමාගම මුලික රෝහලේ දී 2020 නොවැම්බර් 29 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිච් 19 ආසාදනය නිසා උග්‍ර වූ නියුමෝනියාවයි.
04. හලාවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70 ක පිරිමි පුද්ගලයෙකි. හලාවත මූලික රෝහලේ දී 2020 නොවැම්බර් 29 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ ආඝාතය සමඟ කොවිච් 19 නියුමෝනියාවයි.
05. | අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර ඇති අතර එම රෝහලේදී 2020 නොවැම්බර් 27 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත වකුගඩු රෝගය සමඟ කොවිච් 19 නියුමෝනියාව වේ.
06. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 90 ක කාන්තාවකි. කොවිච් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරු කර ඇති අතර එම රෝහලේද්දී 2020 නොවැම්බර් 29 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිච් 19 නියුමෝනියාවයි.
07. මරදාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 78 ක පිරිමි පුද්ගලයෙකි. 2020 නොවැම්බර් 27 වන දින රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් සිට ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිච් 19 සමඟ පෙනහලු අකර්මන්‍ය වීමයි.